වැටුප් සමාලෝචනය කර බදු ක්‍රමය සැකසිය යුතුයි – විගණන නිලධාරීහු කියති

132

භාණ්ඩාගාරයේ අනුමැතියක් නැතිවම සමහරු වැටුප් වැඩිකර ගෙන පුද්ගල ආදායම් බදු පනත සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ප්‍රශ්නයට ඇති එකම විසඳුම වන්නේ වහාම රාජ්‍ය වැටුප් හා දීමනා සම්බන්ධ සමාලෝචනයක් කර කොයි කාටත් ගැලපෙන නිසි බදු ප්‍රතිපත්තියක් සැකසීම යැයි රජයේ විගණන නිලධාරීහු කියති.

රජයේ ඇතැම් ආයතන මුදල් අමාත්‍යාංශයේ හෝ මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව වැටුප් වැඩිකර ගැනිම් හා දීමනා ඉහළ දමා ගනිමින් ඉකුත් දශක කීපයේදීම කටයුතු කිරීම නිසා විවිධ ස්ථර අතර දැඩි වැටුප් විෂමතාවක් මතුවී තිබෙන බව ද ඔහුහූ කියා සිටිති.

රජයේ විගණකාධිපතිවරයා විසින් සිදුකර තිබෙන විගණනවලදී මේ බැව් තහවුරු වී ඇත. අදාළ විගණන වාර්තා මුදල් අමාත්‍යාංශය වෙත යොමුකර තිබුණත් ඒවා තඹ දොයිතුවකට මායිම් නොකිරීම නිසා බදු සම්බන්ධයෙන් නිලධාරීන් අතර මෙම ගැටලුකාරී තත්ත්වය ඇතිවී ඇතැයි ද ඔවුහූ කියා සිටිති.

රුපියල් කෝටි 10,00 (බිලියන 100) උපයා ගැනීමේ අරමුණින් නව බදු ප්‍රතිපත්තිය හඳුන්වාදී තිබෙන අතර එම ආදායම උපයා ගැනීමට නොහැකි වුවහොත් වසර අවසානය වනවිට පවත්නා මූල්‍ය අර්බුදය තවදුරටත් දරුණු වනු ඇතැයි ද විගණන නිලධාරීහු කියා සිටිති.

ලංකා විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව මෙන්ම තවත් රාජ්‍ය ආයතන ගණනාවකම සේවකයින් මහා භාණ්ඩාගාර හෝ මුදල් අමාත්‍යාංශ අනුමැතියෙන් තොරව වැටුප් හා දීමනා ඉහළ දමා තිබෙන බවට විගණනවලදී හෙළිකර ඇත.

මේ අතර ඇතැම් ආයතන වල නිලධාරීන් ලබන වැටුපකට පමණක් හිමිකම් කියන අතර ඔවුන් පුද්ගල ආදායම බද්දර හසුවීම නිසා මොවුන් අතර දැඩි විෂමතාවකක් ඇතිවී ඇතැවී ඇතැයි ද ඔව්හු පවසති.

වෘත්තීය සමිතිවල විරෝධතාව මත බදු සංශෝධනයක් සිදුකිරීමට රජය මේ වනවිට පියවර ගෙන ඇතත් එයින් සෑහීමකට පත්විය නොහැකි බව ද එම සමිතිවල නිලධාරීහු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment