ඩොලර් මිලියනයක් එකතු කරන්න යොහානි අරමුදලක් හදයි  

781

ප‍්‍රකට යොවුන් ගායිකා යොහානි ද සිල්වා විසින් මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට සහනයක් සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් එකතු කිරීම අරඹා ඇත.

මේ දිනවල මුම්බායි නුවර සිටින ඇය ‘Go Fund Me’ අරමුදල සඳහා මෙම මුදල් ආධාර ලබාදෙන ලෙස ඉන්දීය රසිකයන්ගෙන් සහ ලොවපුරා සිටින සෙසු රසිකයන්ගෙන් ඉල්ලා ඇත.

ඉන්දීය වියොන් රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ අරමුදල සඳහා දායක වීමට බොහෝ ව්‍යාපාරිකයන් කැමැත්ත පළකර ඇතැයි ද ඇය කීවාය.

යොහානි ආරම්භ කර ඇති මෙම කටයුත්තට බොහෝ දෙනෙකුගේ ප‍්‍රසාදය හිමිව ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment