නැව ගේන්න ගිහින් පැන්න නැවියන් 6 දෙනා අල්ලන්න කැනඩාවේ සහාය පතයි

614

ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට තෑගි කළ ඩග්ලස් මුන්වර් වෙරලාරක්‍ෂක යාත්‍රාව ගෙන ඒම සඳහා ඇමරිකාවට ගොස් අතුරුදන් වූ නැවියන් නව දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකානු එෆ්බීඅයි පොලිසිය කැනඩා පොලිසියේ සහය පතා ඇත.

මෙම නැවියන් පිරිස කැනඩාවට පැනගොස් ඇති බවට වාර්තාවී තිබේ. පැසිපික් රිට් නමැති යුද අභ්‍යාසයට සහභාගිවී පසුව ඇමරිකානු යාත්‍රාව කොළඹට ගෙන ඒමට මෙම නැවියන්ට පැවරී තිබිණි.

මෙයට පෙරද නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් පවුලේ අය සමග ඇමරිකාවට ගොස් දේශපාලන රැකවරණ පතා තිබුණි.

පැනගිය නැවියන් නවදෙනා ඇතුළු 150 ක ඔස්ටේ්‍රලියානු ගුවන් යානාවකින් ඇමරිකාවට පිටව ගොස් තිබූ බව හෙළිවී ඇත.

මේ අතර පැනගිය නැවියන් අත්අඩංගුවට පත්වූවොත් ඔවුන්ව ආපසු ශ්‍රී ලංකාවට එවන බව ඇමරිකානු තානාපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment