පාසල් දෙවැනි වාරයේ දෙවැනි අදියර අද ඇරැඹේ

94

මහනුවර නගරාශ්‍රිත සියලු පාසල්වලට 31 තෙක් නිවාඩු

රජයේ පාසල්වල දෙවැනි වාරයේ දෙවැනි අදියර අද (28දා) ආරම්භ වේ. දෙවැනි වාරයේ පළමු පාසල් වාරය ඉකුත් 24 වැනිදා අවසන් විය.

මේ අතර මහනුවර නගරාශ්‍රිතව ඇති සියලු පාසල් සඳහා අද හෙට (29දා) සහ අනිද්දා (31දා) යන තෙදින නිවාඩු ලබා දී තිබේ. ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අති විශාල ජනතාවක් මහනුවර පැමිණීම සැලකිල්ලට ගනිමින් සිසුන් අපහසුතාවට පත්වීම වැළැක්වීමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

මෙම නිවාඩු දින තුන සෙනසුරාදා දින තුනක් පාසල් පවත්වා ආවරණය කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් දැනුම් දී ඇත.

මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වාත් පේරාදෙණිය පාලම හා ගන්නෝරුව හන්දිය දක්වාත් වැව රවුම හරහා අම්පිටිය දක්වාත් තැනනේකුඹුර පාලම දක්වාත් ඇති පාසල්වලට මෙසේ නිවාඩු ලබාදෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

මෙයට අමතරව දොඩම්වල රාජකීය ප්‍රාථමික විදුහල, බෝවලවත්ත හා හන්තාන පාසල්වලට ද නිවාඩු ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment