චන්ඩී සහ මීරාගේ පුත් සිම්බා දවසකට පැය දෙකක් බලන්න අවසර

536

හම්බන්තොට සෆාරි උද්‍යානයේ චන්ඩී සහ මීරා සිංහ යුවළට දාව උපත ලැබූ ”‍ සිම්බා ”‍ සිංහ පැටවා ඉකුත් 26 දින සිට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරිණ.

මීට මාස 5 කට පෙර දුර්වල තත්ත්වයෙන් උපත ලැබූ ”‍ සිම්බා ”‍සිංහ පැටවා තම මව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැගෙනවිත් පශු වෛද්‍යවරුන් හා සත්ව භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම නොමද ආදරය කරුණාව ලබා දෙමින් හැදී වැදුණු අතර මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.

ඒ අනුව මෙම ”‍සිම්බා”‍ සිංහ පැටවා සතියේ සෑම දිනකම පෙරවරු 9.30 -10.30 දක්වාත් පස්වරු 2.30 – 3.30 දක්වාත් අලි රංග පීඨයේ දී සත්වෝද්‍යානය නරඹන්නන් හට අවස්ථාව උදාකර ඇත.
පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment