නිවස අසල වතුර ටැංකියක් නෙලු‍කුලමේ අවුරුදු දෙකක දැරියකට මරු කැඳවයි

324

වවුනියාවේ නෙලු‍කුලම ප්‍රදේශයේ නිවසක වතුර ටැංකියකට වැටී අවුරුදු දෙකක දැරියක් 26 දා මියගොස් තිබේ.

ලිංගරාසා ද්වීකා නමැති දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිටියදී අතුරුදහන් වී ඇත.

දෙම්ව්පියන් ඇයව සොයා බැලූ අවස්ථාවේදී ඇය ඔවූන්ගේ නිවසේ ළිඳ අසල වූ වතුර ටැංකියට වැටී සිටිනු දැක ඇයව වහාම වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

නමුත් ඒ වන විටත් ඇය මියගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.

නෙලු‍කුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment