ගලිගමුව එම් ඕඑච් කොවිඞ්වලට බිලි

378

ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප‍්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඞ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්විය.

 මීට මසකට පමණ පෙර සිට වෛරසය ආසාදනය වී කෑගල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කෙරිණි.

 එහි දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය පද්ම ශාන්ත මහතා පෙරේදා (09* දින ජීවිතක්ෂයට පත්ව තිබේ.

 සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව ඒ මහතාගේ අවසන් කටයුතු ඊයේ (10දා* මහනුවර, මහයියාව  ආදාහනාගාරයේ දී සිදුකෙරිණි.

 දෙදරු පියකු වන වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඞ් වෛරසයෙන් ජනතාව බේරාගැනීමට බොහෝ කැපවී සේවය කළ අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment