යතුරුපැදියේ ගෙන යන්න බැහැ කීවාම රාළහාමිට පොල්ලකින් ගහලා

121

රාළහාමි රෝහලේ: සැකකරු පොලිස් කූඩුවේ

යතුරුපැදියක නංවාගෙන යෑම ප්‍රතික්ෂේප කළැයි උරණ වූ පුද්ගලයකු පොලිස් නිලධාරියකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් එම නිලධාරියා තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පල්ලම පොලිසිය පවසයි.

මෙම පහරදීම පෙරේදා (11දා) සවස සිදුවී තිබේ.

රස්නායක පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයකු සේවය අවසන් කර ඔහු පදිංචි කොත්තවතිව් කරවාමඩුව ප්‍රදේශයේ පිහිටි නිවස කරා යතුරුපැදියෙන් යමින් සිට ඇත. එම අවස්ථාවේ ආඬිගම, පෙරියමඩුව ප්‍රදේශයේ දී පුද්ගලයකු යතුරුපැදිය නවත්වා තමන්වත් රැගෙන යන ලෙසට ඉල්ලීමක් කර තිබේ.

පොලිස් නිලධාරියා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම අවස්ථාවේ සැකකරු විසින් ඔහුට පහරදී ඇතැයි පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර පහර දුන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පල්ලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment