යකැදුරු දුම් අල්ලන විට සිහිසුන් වී කාන්තාවක් මියයයි

1480

ශාන්තිකර්මයක් අතරතුර ඛේදවාචකයක්

යකැදුරෙකු විසින් ශාන්තිකර්මයක් සිදුකරන අතරතුර දුම් ඇල්ලීම හේතුවෙන් සිහිසුන් වූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල කම්කානම්ගොඩ පදිංචිව සිටි විසි හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාවට ඇති වූ අසනීප තත්ත්වයක් නිසා පසුගියදා ඇයට තිහාරිය ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් සිදුකර ඇති අතර එහිදී සිදුකළ දුම් ඇල්ලීම හේතුවෙන් එම කාන්තාව සිහිසුන් වී ඇත. පසුව පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා දී නැවත රැගෙන එන අවස්ථාවේදී මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවයා වෙත යොමුකර ඇත.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment