කිළිනොච්චියේ හා මුලතිව්වල පොල්ගස්වල සුදුමැස්සාට බැට දෙන්න කොළඹින් කණ්ඩායමක්

190

කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල පොල්ගස්වලට වැළදී ඇති සුදු මැස්සාගේ හානිය මර්දනය කිරීම පිණිස කොළඹ සිට විශේෂ කණ්ඩායමක් 7 දා කිළිනොච්චිය ප්‍රදේශයට පැමිණ සිටිති.

එම දිස්ත්‍රික්ක දෙකේ පොල් ගස් 5000 කට වඩා වැඩි ප්‍රමාණයක් සුදු මැස්සාගේ හානියට ලක්ව විනාශ වෙමින් පවතී.

සුදුමැස්සාගේ හානියට ලක්වන පොල්ගස් පුරාම සුදු පැහැති කුඩු විශේෂයක් හට ගන්නා අතර ඒවා කොළවල සිට මල් හා ගෙඩිවලටද ව්‍යාප්ත වෙයි.

මාස කීපයකට පසුව මුළු පොල් ගසම සුදු පැහැති කුඩෙන් වැසී යෑමට පටන් ගන්නා අතර ස්වල්ප දිනකට පසුව එම පොල්ගස් මැරී යෑමට පටන් ගනියි.

මේ පිළිබදව කිළිනොච්චිය හා මුලතිව් පළත්වල ගොවීන් කෘෂිකර්ම නිලධාරීන්ට කළ පැමිණිලිවලින් පසුව එම නිලධාරීන් එම රෝගය මර්දනය කිරීමට පිලියම් යොදන ලද නමුත් එම පිලියම් සාර්ථක නොවීම නිසා කොළඹ සිට විශේෂඥයන් පිරිසක් එම දිස්ත්‍රික්ක දෙකේ පොල් වගාවට සිදුවන හානිය පරීක්ෂා කිරීමට පැමිණ සිටිති.

එම නිලධාරීන් අදාළ ප්‍රදේශවල ක්ෂේත්‍රයට ගොස් ගොවීන් සමග සාකච්ඡා කොට ඔවුන්ට උපදෙස් හා ප්‍රතිකාර විධි සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment