පානදුර මුහුදේ ගසාගෙන ගිය තරුණ ජෝඩු තුනක් බේරාගනිති

47

පොලිස් හා නාවික ජීවිතාරක්ෂක නිලධාරීහු

76 වන ජාතික නිදහස් දින සැමරුම් දින පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටියදී රළපහරට හසුව ගසාගෙන ගිය තරුණ යුවළ තුනකගේ ජීවිත බේරාගැනීමට පානදුර පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු සමත්ව ඇත.

රත්නපුර ලෙල්ලු‍පිටිය ප්‍රදේශයේ පදිංචි චාල්ස් ඇන්තනී (20), සෙල්වරාජා සන්තෝෂ් (16), ෆැන්සීස් විනෝද් (16) යන තරුණයන් තිදෙනා සහ සන්තුරුක්සන් රුක්සිකා (16), මොහන්දාස් දිණූෂා (15) සහ පරදන් දිනූසිකා (16) නමැති තරුණියන්ගේ ජීවිත මෙලෙස බේරාගෙන ඇති බව සඳහන් වේ. හය දෙනා පානදුර වෙරළට පැමිණ විනෝද වී පසුව දියනාමින් සිට ඇති බවත්, වෙරළට මීටර් 50 ක ආසන්නයේ සිටි ඔවුන් රළ පහරකට හසුව කෙමෙන් කෙමෙන් දියඹ දෙසට ඇදීගොස් ඇති බවත් සඳහන් වේ.

පසුව ඔවුන් උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර ඒ අනුව සැරයන් සුසන්ත සහ කොස්තාපල් දේශාන් පළමුව ජීවිත ආරක්ෂක ටියුබ් රැගෙන දියට පැන තිබේ. පසුව ඒ ආසන්නයේ සිටි නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීයාද දියට පැන බේරාගැනීමට සහයවී තිබේ. මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු ඔවුන් පිටත්කර යැවූ බව ජීවිත ආරක්ෂක නිලධාරීන් පැවසීය. පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. නිමල්සිරි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 52141 සුසන්ත, කොස්තාපල් 93731 දේශාන් සහ නාවික සෙබළ කළුබෝවිල විසින් මෙසේ ජීවිත බේරාගෙන තිබේ.

වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment