කච්චතිව් බුදු පිළිමයෙන් කිසිම ගැටලුවක් නෑ: නාවික හමුදාව කියයි

526

කච්චතිව් දූපතේ තැන්පත් කර ඇති බුදු පිළිමය නිසා ගැටලුකාරී තත්ත්වයක් උදාවන්නේ නැති බව නාවික හමුදාව නිවේදනය කරයි.

කච්චතිව් දූපතේ රාජකාරි කරන නාවිකයින් බහුතරය බෞද්ධයින් වන නිසා ඔවුන්ගේ වන්දනාමානය සඳහා නාවික භට නිවස්නය අසල බුදු පිළිමයක් තැන්පත් කර ඇති අතර ඉදිරියේදී කිසිම සිද්ධස්ථානයක් ඉදි නොකරන බව ද නාවික හමුදාව පවසයි.

කච්චතිව් දූපත මිනිස් වාසයෙන් තොර දූපතකි. එය පිහිටා ඇත්තේ ගොඩබිමින් සැතපුම් 50කට වඩා දුරකිනි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment