අලිවැට සංරක්ෂණයට සංවර්ධන නිලධාරීන් 4,500ක් අනුයුක්ත කරගැනීමට අනුමැතිය ලැබුණා – ඇමැතිනි පවිත්‍රාදේවී වන්නිආරච්චි

66

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කරගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඒ සඳහා නව සේවකයින් බඳවා ගැනීමක් සිදු කෙරෙන්නේ නැහැ. අමාත්‍යාංශයට අනුයුක්ත කරගැනීම සඳහා අනුමැතිය හිමි වී ඇති බහුකාර්ය සංවර්ධන නිලධාරීන් යොදා ගන්නා බවද ඇය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට‘ මැයෙන් ඉකුත් (11)දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

මෙරට වන ගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව වනාන්තරවල සීමා මායිම් සලකුණු කිරීම මෙම වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර වනාන්තර දිනය මාර්තු මස 21දාට යෙදී තිබෙනවා. ඊට සමගාමීව දිවයින පුරා සිටින සියලුම නිවාස වෙත එක් පැලයක් බැගින් ලබාදීමට කටයුතු කරනවා. ඒ සඳහා වන ව්‍යාප්ති නිලධාරීන් යෙදවීමට අප කටයුතු කරනවා. මෙරට වන ගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව වනාන්තරවල සීමා මායිම් සලකුණු කිරීම මෙම වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

උමාඔය පළමු වන අදියර මඟින් ඉඩම් අක්කර 20,000කට අලු‍තින් ජලය ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඉන් මෙගා වොට් 120ක ජල විදුලි නිෂ්පාදනයක් ජාතික පද්ධතියට එකතු කිරීමට ද නියමිතයි.

advertistmentadvertistment
advertistmentadvertistment