ගාල්ල, හෝලුවාගොඩ ‘සෙරින් රිවර් පාර්ක්’ ජනපති අතින් අද ජන අයිතියට

138

ගාල්ල, හෝලුවාගොඩ ඉදිකළ “සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) පාරිසරික උද්‍යානය අද (13 දා) සවස 5.00ට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පීය අදහසක් අනුව ගාල්ල නගරයට නුදුරු හෝලුවාගොඩ ඉදිකළ “සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) පාරිසරික උද්‍යානය, පුරන් වූ කෙත් බිමක් පාරිසරික උද්‍යානයක් බවට පරිවර්තනය කිරීම 2021 වර්ෂයේදී ආරම්භ කෙරිණි. අක්කර 14කින් යුත් “සෙරින් රිවර් පාර්ක්” තුළ ළමුන්ට සුව පහසු ලෙස ක්‍රීඩා කිරීමේ අංගණ, ශරීර සුවතා මංතීරු, ජල ක්‍රීඩා සමග බෝට්ටු සවාරි, දෙස් විදෙස් සන්නාමයන්ගෙන් යුතු ආහාර වර්ග අඩංගු පරිශ්‍ර, කුළුබඩු සහ වැවිලි නිෂ්පාදන වර්ග ඇතුළු දේශීය නිමැවුම් මිලදී ගත හැකි පරිශ්‍ර, ATM බැංකු පහසුකම් ආදී බොහෝ පහසුකම් වලින් සමන්විත වේ. එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් මීට සහභාගි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment