අන්තර් විශ්වවිද්‍යාලයීය කරාතේ ශූරතාවලියේ විනිසුරු තීරණ අවුල්

137

දෙමව්පියන්ගෙන් චෝදනා

2023 අන්තර් විශ්වවිද්‍යාලීය කරාතේ ශූරතාවලියේ දී හිතාමතාම තමන්ට අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කරවීමටට උත්සහ කිරීමේදී පළමුව පුහුණුකරුවන් හා විනිසුරුවරුන් අතරද දෙවනුව විනිසුරුවරුන් හා විශ්වවිද්‍යාල කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරද කිහිප අවස්ථාවකම බහින්බස්වීම් හා උණුසුම් වාද විවාද ඇතිවී තිබෙන බව වාර්තා වේ.

මේ හේතුවෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ දක්ෂතාවලට නිසි වටිනාකමක් ලබා ගැනීමට නොහැකි වූ බව එම දරු දැරියන්ගේ දෙමාපියෝ පවසති.

පසුගිය 03 සහ 04 දෙදින අග්නිදිග ඔළුවිල් විශ්වවිද්‍යාලයේ දී මෙම තරගාවලිය පැවැති අතර කරාතේ අතුරුපාලක කමිටුවේ නිලධාරීන් විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදි.

වැරදි විනිසුරු තීරණ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් අතරේද කිහිප අවස්ථාවකම ගැටුම් නිර්මාණය වූ බවද එම දෙමව්පියෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment