හිරිහැර ඉවසන්න බැරුව නිවසට ගිය බිරියව ස්වාමිපුරුෂයා තවපිරිසක් සමග විත් පැහැරගෙන

573

හලාවත පොලිස් වසමට අයත් මානුවන්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ක විවාහක කාන්තාවක් ඇය විවාහ ව සිටින වයස අවුරුදු 19 ක් වූ විවාහක තරුණයා සමග ජීවත් විය නොහැකි බව පවසා නිවසට පැමිණි පසු විවාහක තරුණයා ඇතුළු පිරිසක් ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන යෑම සම්බන්ධව එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරන බව හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා පවසයි.

ඉකුත් 19 දා උදෑසන 9.30 ට පමණ වෑන් රථයකින් පැමිණි විවාහක තරුණයා ඇතුළු පස්දෙනෙක් හලාවත මානුවන්ගම පිහිටි නිවසට පැමිණ ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබේ.

මෙම අවස්ථාවේ ඇයගේ මව විසින් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී මවද පසෙකට තල්ලුකර දමා කාන්තාව පැහැරගෙන ගොස් ඇත.

ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 12 වසර ඉගෙනුම ලබමින් සිටියදී ඇය උපකාරක පංතියකට ගිය අවස්ථාවකදී දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයා සමඟ නිවසට හොරා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඉන් අනතුරුව මෙසේ මාස කීපයක් ගිය පසු විවාහක තරුණයාගෙන් සිදුවන හිරිහැරකම් නිසා ඇයට ඔහුත් සමග ජීවත් විය නොහැකි තත්ත්වයක් මත ඉකුත් මාර්තු මස විසි වෙනි දින විවාහක තරුණයා සමග මහනුවරට පැමිණි අවස්ථාවේ ඔහුට නොදැනෙන ලෙස සිය පියාට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසු ඇයව සූක්ෂම ලෙස හලාවත මානුවන්ගම පිහිට නිවෙසට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

මෙසේ නිවසේ සිටියදී ඉකුත් 19 දා මෙලෙස විවාහක තරුණයා ඇතුළු පිරිස පැමිණ ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධ හලාවත පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment