දිල්ලි පළමු ජය ලබයි

107

මෙවර අයිපීඑල් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ (21 වැනිදා) අළුයම සමත් වූයේය.

කල්කටා කණ්ඩායමට එරෙහිව ඔවුන් එහිදී ජයග්‍රහණය කළේ මෙවර තරගාවලියේ අඛණ්ඩව තරග 5 ක් පරාජයට පත් වීමෙන් පසුවය.

මෙවර තරග වාරයේ සිය හය වෙනි තරගය ලෙස ඊයේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් දිල්ලි ක්‍රීඩකයෝ එම ජයග්‍රහණය ලබා ගත්හ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කල්කටා ක්‍රීඩකයන් නියමිත පන්දු වාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 127 සීමාව ඉක්මවා යෑමට දිල්ලි ක්‍රීඩකයන්ට අවසන් පන්දු වාරය තෙක් සටන් කරන්නට සිදු විණි. පන්දුවාර 19 යි පන්දු දෙකක් සහ කඩුලු 6 ක් වැය වී තිබුණි.

දිල්ලි ජයග්‍රහණය වෙනුවෙන් නායක ඩේවිඩ් වෝනර් අර්ධ ශතකයක් ලබා ගත් අතර එය වෝනර් ගේ 59 වෙනි අයිපීඑල් අර්ධ ශතකය වූයේය.

ලකුණු සාරාංශය

කල්කටා කණ්ඩායම 127 (20)
ජේසන් රෝයි 43,ඇන්ඩි්‍ර රසල් 38
පන්දු යැවීම ඉශාන්ට් ශර්මා 19/2,ඇන් රිච් නොකියා 20/2, අක්සාර් පටෙල් 13/2 කුල්දීප් යාදව් 15/2

දිල්ලි කණ්ඩායම 128/6 (19.2)
ඩේවිඩ් වෝනර් 57, මනීශ් පාන්ඩේ 21
වරුන් චක්‍රවර්ති 16/2, අනුකුල් රෝයි 19/2, නිටිෂ් රානා 17/2

advertistmentadvertistment
advertistmentadvertistment