එංගලන්තයෙන් ලෝක වාර්තාවක්

723

ටෙස්ට් තරගයකදී එක් දිනක් තුළ ලකුණු 500 සීමාව ඉක්මවා ගිය පළමු කණ්ඩායම බවට බෙන් ස්ටෝක්ස්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම ඊයේ වාර්තා අතරට එක්විය.

පකිස්තානය සමග රාවල්පින්ඩිහිදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ තරගය නතර කරන විට එංගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 506ක් රැස්කර එම වාර්තාව පිහිටුවීය. එහිදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ෂැක් ක්රෝලි ලකුණු 122 ක් සහ බෙන් ඩකට් ලකුණු 107 ක් රැස් කළහ. අනතුරුව පිටියට පිවිසි ඔලී පෝප් ලකුණු 108ක් ලබාගත් අතර නොදැවී ක්‍රීඩා කරන හැරී බෲක් ලකුණු 101 ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියේය. පන්දු වාර 75 ක් තුළදී එංගලන්තය මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ අතර ඔවුන්ගේ ලකුණු රැස්කිරීමේ වේගය පන්දු වාරයකට 6.74 ඉක්මවීය.

advertistmentadvertistment
advertistmentadvertistment