සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය විසින් දහම් පාසල් කොමසාරිස් වසන්ත ලියනගේ මහතා වෙත සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් සඳහා වන තිළිණපත් ලබා දෙමින්. සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ හා පාරිභෝගික සේවා, තාරක රන්වල මහතා, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ප්‍රධාන කළමනාකරණ සහකාරිනී එන්. ඩබ්. කේ. ශිරෝමාලා මහත්මිය ඇතුළු දෙපාර්ශවයේ නියෝජිතයින් ද ඡායාරූපයේ වේ.

අඛණ්ඩව 13 වන වරටත් සම්පත් බැංකුවේ අනුග්‍රාහකත්ව දායකත්වය යටතේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් හි 2023 අදියර පසුගියදා මාතලේදී නිමාව දැකීය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කළ මෙම වැඩසටහන යටතේ 2023 වසරේ දහම් පාසල් විශිෂ්ටයින් ඇගයීම සිදු විය. දිවයින පුරා සියලු ශාසනාරක්ෂක බල මණ්ඩලයන්හි පවත්වනු ලබන සිසු නිපුණතා තරඟාවලියේ පළමු, දෙවන, තෙවන, සිව්වන හා පස්වන ස්ථාන හිමි කරගත් දහම් පාසල් දරු දැරියන් හට මුදල් හා අනෙකුත් ත්‍යාග පිරිනැමීම සම්පත් බැංකු දහම් තිළිණ වැඩසටහන යටතේ සිදු විය.

දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් දරුවන් තූළ උනන්දුවක් ඇති කිරීම හා ඒ තුළින් යහපත් සමාජයක් ගොඩ නැගීම අරමුණු කර ගනිමින් වසර 25කට ආසන්න කාලයක් තිස්සේ මාණ්ඩලික සිසු නිපුණතාවන් වෙනුවෙන් අඛණ්ඩව ත්‍යාග හිමි කර දෙන සම්පත් බැංකුව, සමස්ත ලංකා ජයග්‍රහණයන් වෙනුවෙන් ද ත්‍යාග ප්‍රදානය කිරීමට අනුග්‍රහය ලබා දීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment