පාසල් ළගට පොලිසිය

333

පාසල් විවෘත කිරීමෙන් පසු රාජකාරී සඳහා පැමිණෙන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට යම්කිසි තර්ජනයක් එල්ල වුවොත් ඔවුන් ආරක්ෂාකර ගැනීම සඳහා එම පාසල් අවට පොලිස් පොලිස් රැුකවරණය ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්‍ෂක කටයුතු ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය.

මේ සම්බන්ධයෙන් ඇමැති සරත් වීරසේකර මහතා පොලිස් ප‍්‍රධානීන් දැනුවත් කර ඇති අතර ලබන 21 වැනිදා සිට මෙම ආරක්ෂිත වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

වැටුප් වර්ධක ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන විදුහල්පතිවරුන් තමන්ට ගුරු වෘත්තීය සමිති වෘත්තීය ක‍්‍රියාමාර්ග ආරම්භකොට ඇත. මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට යටත් නොවී රාජකාරී කිරීමට සූදානම්ව සිටින ගුරුවරුන්ට පසුගිය කාලසීමාවේ විවිධ බලපෑම් එල්ලවී තිබිණි.

මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් ඇමැති සරත් වීරසේකර මහතාට පැමිණිලිකර ඇත.

මේ ආකාරයට රාජකාරී සඳහා වාර්තාකරන ගුරුවරුන්ට තර්ජනයකර බලපෑම් කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද සරත් වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුනු

advertistmentadvertistment
advertistmentadvertistment