ඇස් රෝහලේ සැත්කම් අද සිට යළි ඇරැඹේ

45

කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ සැත්කම් අද (24 වැනිදා) සිට යළි ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අක්‍ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කීපදෙනකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව පසුගියදා නතර කළ අතර සංකූලතා ඇතිවීමට හේතුවූ ඖෂධය භාවිතයෙන් ඉවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ද අරඹා තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment