19 න් පහළ පාසල් ලීග් රග්බි ලබන මස ඇරැඹේ

139

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කර ඇති අන්තර් පාසල් ලීග් ශූරතා අවුරුදු 19 න් පහළ රග්බි තරගාවලියේ පළමු පෙළ “බී” කාණ්ඩයේ සටන එළඹෙන ජුනි මස දෙවන සතියේදී ආරම්භ කෙරේ.

මෙවර පළමු පෙළ තරගාවලියේ “බී” කොටසට පාසල් 12 ක් තෝරා ගෙන ඇති අතර එම පාසල් අතර සටන 1 සහ 2 යනුවෙන් කාණ්ඩ 02 ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරේ.

“බී” කාණ්ඩයේ ‘1’ කොටස

  1. කොළඹ තර්ස්ටන් විදුහල
  2. කුරුණෑගල මලියදේව විදුහල
  3. කොළඹ ලුම්බිණි විදුහල
  4. ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල
  5. කොළඹ ආනන්ද විදුහල
  6. පිළියන්දල මධ්‍ය මහා විදුහල

“බී” කාණ්ඩයේ ‘2’ කොටස

  1. මහනුවර ශ්‍රී සුමංගල විදුහල
  2. මොරටුව වේල්ස් කුමර විදුහල
  3. කොළඹ මහනාම විදුහල
  4. කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල
  5. මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල
  6. කොළඹ කේරි විදුහල
advertistmentadvertistment
advertistmentadvertistment