11 හැවිරිදි දැරියකට අතවර කළ පුද්ගලයා වසර 15ක් හිරේ

313

වයස අවුරුදු 11ක දැරියකට ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුවකු වරදකරු කරමින් පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා ඔහුට වසර 15 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය.

ඉංගිරිය ශාන්ත පීතර ජනපදයේ පදිංචි 50 හැවිරිදි අයකුට මෙසේ සිරඳඩුවම් නියම කෙරිණි.

සිර දඬුවමට අමතරව රුපියල් 5000 ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එකී දඩ මුදල නොගෙවන්නේ නම් චූදිතට තවත් මාසයක බරපතළ වැඩසහිත සිරදඬුවමක් ද නියම කළේය.

විත්තිකරු 2007 ජුනි මස 01 හෝ ඊට ආසන්න දිනක එවකට එකොළොස් හැවිරිදි දැරියක්ව සිටි සිය බිරිඳගේ පළමු කසාදයේ දියණියට ස්ත්‍රී දූෂණයක් කිරීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි ගොනුකිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment