ඩයලොග් 19 න් පහළ ලීග් රග්බි පළමු ජය ශාන්ත අන්තෝනිට

150

ඩයලොග් පාසල් ලීග් ශූරතා වයස අවුරුදු 19 න් පහළ රග්බි තරගාවලියේ පෙරේදා (14 දා) පැවැති තරගයෙන් ලකුණු 22 – 12ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ සමත්වූහ.

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පළමු භාගය නිමාවන විට 12 – 10 ක් ලෙස ශාන්ත ජෝශප් විදුහල පෙරමුණේ සිටියද ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ දෙවැනි වටයේදී විශිෂ්ට ලෙස තරගයට අවතීර්ණ වෙමින් එම ජයග්‍රහණය ලබාගත්හ.

මෙම තරගයේ ජයග්‍රහණය ශාන්ත ජෝශප් විදුහලට හිමිවූ බවට ‘දිවයින’ ක්‍රීඩා පිටුවේ ඊයේ (15 දා ) පළ වූයේ ප්‍රමාද දෝෂයකිනි. ජය ගත්තේ ජෝශප් නොව අන්තෝනියන්ස්ය.

advertistmentadvertistment
advertistmentadvertistment