පළාත් පහකට අද තද වැසි

63

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (13 වැනිදා) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින්විට පැයට කිලෝමීටර් 40 ත් 45 ත් අතර පමණ තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර ගත වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කොළඹ කලටුවාව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. ඒ මිලිමීටර් 225.5 කි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment