ඉවතලන ලද රොකට්ටුවක කොටසක් සඳ මතට

233

ඉවතලන ලද රොකට්ටුවක ටොන් තුනක් පමණ බරැති කොටසක් ඊයේ (04දා ) සවස සඳ මතට කඩා වැටීමට නියමිතව තිබූ බව බටහිර තාරකා විද්‍යාඥයෝ නිවේදනය කර තිබිණි.

අභ්‍යවකාශයේ පැයකට සැතපුම් 5800 ක පමණ අධිවේගයකින් ගමන් ගනිමින් තිබූ මෙම රොකට්ටුවේ කොටස සඳ මතට කඩා වැටෙනු ඇති බවට මුලින් විශ්වාස කෙරුණේ ඉකුත් ජනවාරි මාසයේදීය. බටහිර තාරකා විද්‍යාඥයන් විසින් කඩා වැටීමට යන මෙම රොකට්ටුවේ කොටස එලොන් මස්ක් ගේ ‘ස්පේස් එක්ස් නමැති වැඩපිළිවෙළට අයත් රොකට්ටුවක කොටසක් බවට විශ්වාස කළද පසුව එය චීනයට අයත් වූවක් බව සඳහන් කර තිබේ.

කෙසේ වුවද චීනය මෙම පුවත ප‍්‍රතික්ෂේප කර තිබේ. මෙම රොකට්ටුවේ කොටස සඳ මතට කඩා වැටීමෙන් ඇති වන බලපෑම අවම එකක් වන බව පවසා ඇති තාරකා විද්‍යාඥයෝ මෙම රොකට්ටු කොටසේ කඩා වැටීම හේතුවෙන් සඳ මත ඇති වීමට යන මීටර් 10-20 අතර ප‍්‍රමාණයක පළලකින් යුතු වන ආවාටය හා දූවිලි සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන බව පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment