කොරෝනා නිසා පකිස්තානයේ ටෙලි වෙදකම ජනප‍්‍රියවේ

381

ලොව පුරා පවතින කොවිඞ් වසංගතය නිසා ජනතාව වෙනදාමෙන් ගමන් බිමන් යෑම සිදු කරන්නේ නැහැ. විශේෂයෙන්ම සාමාන්‍ය රෝග තත්ත්වයක් හමුවේ ප‍්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යෑමටද බියකින් පසු වේ. මෙම තත්ත්වය හමුවේ අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ටෙලි වෙදකමට බොහෝ ඉල්ලූමක් මතුව තිබේ.

 මෙය බොහෝ සේ ජනප‍්‍රියව ඇත්තේ පකිස්තානයේය. එහි වැඩිපුරම සිටින්නේ වෛද්‍යවරියන්ය. විවාහයෙන් පසු පකිස්තානයේ වෛද්‍යවරියන් බොහෝ දෙනකුට යළි සිය වෘත්තියේ නියැළීමට පවුල් ප‍්‍රශ්න නිසා බාධා මතුවේ. එවැනි  වෛද්‍යවරියන් අන්තර්ජාලය ඔස්සේ රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමට යොමු වී ඇත. පවතින කොවිඞ් වසංගතය නිසා එම වෛද්‍ය ප‍්‍රතිකාර සේවය මේ වනවිට පකිස්තානයේ ජනප‍්‍රිය වී තිබේ.

 දුරකථන සහ පරිගණක ඔස්සේ වීඩියෝ තාක්‍ෂණය භාවිත කරමින් මෙම වෛද්‍යවරියන් රෝගීන් පරීක්‍ෂා කරයි. එම වීඩියෝ සංවාද ඔස්සේ සිදු කරන රෝග පරීක්‍ෂාවෙන් පසු ප‍්‍රතිකාර ලබාදේ.

 දැන් මෙම ටෙලි වෙදකම නිසා නිවෙස්හි සිට දරුවන් බලාගැනීමට සිදුවීම නිසා රෝහල්හි සේවයට යෑමට නොහැකි වෛද්‍යවරියන් රැසක් යළි වෛද්‍ය වෘත්තියේ නිරතවීමට පටන්ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment