කුසල් – පැතුම් – ධනංජය – කමිදු – රමේෂ්ට නායකත්වය දෙමින් එන්.එස්.එල්. ඇරැඹේ

379

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් තරගාවලිය හෙට (18 වැනිදා) සිට පැවැත්වීමට නියමිතය.

හෙටින් ආරම්භ වන එම තරගාවලිය මැයි මස 3 වැනිදා දක්වා කණ්ඩායම් 5 ක තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව ගාල්ල, මහනුවර, දඹුල්ල, යාපනය හා කොළඹ යනුවෙන් කණ්ඩායම් පහක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් කොළඹ කණ්ඩායම නම් කර ඇති අතර, උප නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරයි.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යාපනය කණ්ඩායමේ නායකත්වය දරන අතර උප නායකයා ලෙස සධීර සමරවික්‍රම පත් කර ඇත

තරගාවලියේ දී ගාලු කණ්ඩායමේ නායකයා ලෙස රමේෂ් මෙන්ඩිස් ද, උප නායකයා ලෙස දුනිත් වෙල්ලාලගේ ද කටයුතු කිරීමට නියමිතයි.

පැතුම් නිස්සංක මහනුවර කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබෙන අතර උප නායකත්වය සහන් ආරච්චිගේට හිමි වී ඇත.

දඹුල්ල කණ්ඩායම කමිදු මෙන්ඩිස් විසින් මෙහෙයවන අතර, උප නායකයා ලෙස මිනෝද් භානුක කටයුතු කරයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment