උතුරු කොරියානු නායකයා රුසියාවට අවි සැපයීමට සැරසේ

675

යුක්‍රේනය තුළ රුසියාව සිදු කරන හමුදා මෙහෙයුම් සඳහා අවි සැපයීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් මෙම මාසයේදී රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි ඇමරිකානු රජයේ නිලධාරියෙකු බීබීසී සේවයට පවසා තිබේ.

මෙම හමුව සඳහා උතුරු කොරියානු නායක කිම් විසින් මෙම මස තුළදී රුසියාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවත් එම සංචාරය සඳහා දැඩි ආරක්ෂාවක් යෙදූ දුම්රියක් යොදා ගැනෙනු ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් වාර්තා කර තිබේ. උතුරු කොරියානු නායකයා හා රුසියානු ජනාධිපතිවරයා අතර අදාළ හමුව පැවැත්වෙන ස්ථානය මෙතෙක් අනාවරණය කර නොමැති අතර මෙම හමුව සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් උතුරු කොරියාව හා රුසියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

advertistmentadvertistment
advertistmentadvertistment