දක්ෂතම ක්‍රීඩකයා ගල්කිස්ස ශාන්ත තෝමස් ප්‍රෙප් විදුහලෙන් – ක්‍රීඩිකාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන්

127

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු 52 වැනි “ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන” කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් ප්‍රෙප් විදුහල නියෝජනය කළ එස්. ප්‍රිබාසිත් සම්මාන ලැබූ අතර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ දිල්නී නෙත්සලා රාජපක්ෂ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

අවුරුදු 15 න් පහළ උස පැනීම ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ මීටර් 1.90 ක දක්ෂතාව හමුවේ එස්. ප්‍රිබාසිත් ද අවුරුදු 14 න් පහළ දුර පැනීම ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ මීටර් 5.64 ක දක්ෂතාව හමුවේ නෙත්සලා ද අදාළ සම්මාන ලැබූහ.

මෙවර තරගාවලියේ දක්ෂතම දුර පැනීමේ ක්‍රීඩිකාව ලෙස තිළිණ ලබන්නට ද නෙත්සලාට හැකියාව ලැබිණි.

මීටර් 400 ඉසව්වේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කෞෂල්‍යා පී. ජයවර්ධන සම්මාන ලැබුවාය. ඒ, අවුරුදු 14 න් පහළ මීටර් 400 ඉසව්වේ දී ප්‍රදර්ශනය තත්. 58.64 ක දක්ෂතාව නිසාවෙනි.

ඒ ඒ වයස් සීමාවන් හී ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගත් පාසල් සහ ලකුණු පහත දැක්වේ.

අවුරුදු 12 න් පහළ බාලක 1. කොළඹ ශාන්ත ජෝශප් විදුහල (ලකුණු 23.5) සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (ලකුණු 23.5) 2. මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 15) 3. කොළඹ ශාන්ත ජෝශප් කතෝලික විදුහල (ලකුණු 12) සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 12)

අවුරුදු 13 න් පහළ බාලක 1. මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 20) ගෝනගල මහා විදුහල (ලකුණු 20) සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල (ලකුණු 20)

  1. කොළඹ රාජකීය විදුහල (ලකුණු 12) සහ

මහනුවර ධර්මරාජ විදුහලේ (ලකුණු 12)

අවුරුදු 14 න් පහළ බාලක 1. මොරටුව වේල්ස් කුමර විදුහල (ලකුණු 30)

  1. ගල්කිස්ස විද්‍යා විදුහල (ලකුණු 22) 3. මහනුවර ත්‍රිත්ව විදුහල (ලකුණු 20)

අවුරුදු 15න් පහළ බාලක 1. කොළඹ රාජකීය විදුහල (ලකුණු 29) 2. වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල (ලකුණු 26)

  1. මතුගම ආනන්ද ශාස්ත්‍රාලය (ලකුණු 23)

අවුරුදු 12 න් පහළ බාලිකා

  1. මීගමුව ගේට්වේ ජාත්‍යන්තර පාසල (ලකුණු 20) 2. මහනුවර හිල්වුඩ් විදුහල (ලකුණු 17) 3. මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (ලකුණු 11)

අවුරුදු 13 න් පහළ බාලිකා

  1. මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (ලකුණු 44) 2. රාජගිරිය හේවාවිතාරණ මහා විදුහල (ලකුණු 20)
  2. රද්දොළුගම ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසල (ලකුණු 12)

අවුරුදු 14 න් පහළ බාලිකා

  1. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 27)
  2. කොළඹ විශාඛා විදුහල (ලකුණු 22) 3. මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (ලකුණු 18)

අවුරුදු 15න් පහළ බාලිකා 1. කඩවත මහාමායා බාලිකා විදුහල (ලකුණු 34)

  1. හලාවත කාමිල් බාලිකා විදුහල (ලකුණු 32)
  2. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 30)

සහාය දිවීම (බාලිකා) 1. හලාවත කාමිල් බාලිකා විදුහල 2. මීගමුව ආවේ මරියා කන්‍යාරාමය 3. මාතර සුජාතා විදුහල

සහාය දිවීම (බාලක)

  1. කොළඹ රාජකීය විදුහල 2. මීගමුව මාරිස්ටෙලා විදුහල 3. වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල
නව වාර්තා ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

එම්. බී. එන්. තරුල්

(එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක විදුහල) අවු: 12 න් පහළ බාලක උස පැනීම – මීටර් 1.51

ඩී. ඒ. එස්. ශමල්ක (බෙන්තොට ගෝනගල මහා විදුහල)

අවු: 13 න් පහළ බාලක මීටර් 200 – තත්: 25.2

ඒ. තෙවරප්පෙරුම (කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල) අවු: 13 න් පහළ බාලක මීටර් 100 – තත්: 12.0

ඩී. ඒ. එස්. ශමල්ක (බෙන්තොට ගෝනගල මහා විදුහල) අවු: 13 න් පහළ බාලක දුර පැනීම – මීටර් 6.24

ඩී. එම්. සී. රාජසිංහ (මොරටුව වේල්ස් කුමාර විදුහල) අවු: 14 න් පහළ බාලක යගුලිය දැමීම – මීටර් 15.17

ඩී. එම්. සී. රාජසිංහ (මොරටුව වේල්ස් කුමාර විදුහල) අවු: 14 න් පහළ බාලක හෙල්ල විසිකිරීම – මීටර් 55.70

ටී. එස්. කොස්තා (සීදුව ශාන්ත තෝමස් කතෝලික විදුහල) අවු: 15 න් පහළ බාලක මීටර් 800 – මී: 2.01.1

ඩබ්ලිව්. ඒ. කේ. ඔෂධ (ඇඹිලිපිටිය රාජකීය විදුහල) අවු: 15 න් පහළ බාලක මීටර් 80 කඩුළු – ත : 11.1

අවුරුදු 13 න් පහළ බාලක මීටර් 100×4 මීගමුව මාරිස්ටෙලා විදුහල තත්. 51.10

ජී. එල්. ස්වර්ණමාලි (රාජගිරිය හේවාවිතාරණ මහා විදුහල) අවුරුදු 13 න් පහළ බාලිකා මීටර් 200 – තත්: 26.60

ඩී. එස්. වික්‍රමරත්න (මීගමුව ආවේ මරියා කන්‍යාරාමය) අවුරුදු 13 න් පහළ බාලිකා මීටර් 70 කඩුළු – තත්: 12.1

කේ. ජී. එම්. එන්. ධර්මදාස (මාවනැල්ල සුජාතා විදුහල) අවුරුදු 14 න් පහළ බාලිකා මීටර් 600 – මී : 1.42.6

දිල්නි නෙත්සලා රාජපක්ෂ (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) අවුරුදු 14 න් පහළ බාලිකා දුර පැනීම – මීටර් 5.64

දිල්කි දෙව්මිණී කරුණාරත්න (කොළඹ විශාඛා විදුහල) අවුරුදු 14 න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීම – මීටර් 34.88

ඒ. සාමාස්ත්‍රී (වත්තල ඕ. කේ. අයි. ජාත්‍යන්තර පාසල) අවුරුදු 14 න් පහළ බාලිකා හෙල්ල විසිකිරීම – මීටර් 31.10

යූ. ඒ. එම්. එම්. බී. උඩුවෙලආරච්චි (විහාරගල මහා විදුහල)

අවුරුදු 15 න් පහළ බාලිකා මීටර් 80 කඩුළු – තත්: 12.4

ඒ. ජී. කේ. කවීෂා (විජයපුර කනිෂ්ඨ විදුහල) අවුරුදු 15 න් පහළ බාලිකා මීටර් 80 කඩුළු – තත්: 12.4

කෞශල්‍යා ජයවර්ධන (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)

අවුරුදු 15 න් පහළ බාලිකා මීටර් 400 – තත්: 58.5

පැරණි වාර්තාව සම කිරීම

වී. ජී. ඩී. බී. බණ්ඩාර (රංගිරි දඹුල්ල ජාතික පාසල) අවුරුදු 14 න් පහළ බාලිකා මීටර් 75 කඩුළු – තත්: 12.1

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment