රෝහල්ගතවූ ඩයනා පිටව යයි

588

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ බව කියන පහර දීමේ සිද්ධියෙන් පසු ප්‍රතිකාර සඳහා ‍ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා ඉන් පිට ව ගොස් තිබේ.රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, රෝහල්ගත වී පැය 03ක පමණ කාලයක් ඇතුළත ඇය පිට ව ගිය බවයි.පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඊයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා තමාට පහර දුන් බව පවසමින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය රෝහල් ගත වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment