ට්‍රම්ප් චෝදනා ප්‍රතික්ෂේප කරයි

208

තමාට එල්ල වී ඇති අධි චෝදනා 34ටම තමා නිවැරදිකරු බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑන්හැටන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

අපරාධ චෝදනා එල්ල වු හිටපු ජනාධිපතිවරයා නිව්යෝර්ක් හි අධිකරණයක් හමුවේ පෙනී සිටමින් ඒ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් හට චෝදනා එල්ල වී ඇත.

කිසිදු සාක්ෂියකින් තොරව දේශපාලනික වශයෙන් තමාට එරෙහිව එම චෝදනා ගොනුකර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
පැයක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ට්‍රම්ප් උසාවියෙන් පිටව ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment