චමරි වැඩ පෙන්වා වසර පටන් ගනී

1247


 නවසීලන්ත ‘සුපර් ස්මෑෂ්’ ක්‍රිකට් තරගාවලිය යටතේ වෙලින්ටන් කණ්ඩායම සමග ඊයේ (02 වැනිදා) පැවති තරගයේදී තුන් ඉරියව් දස්කම් දක්වමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වීමට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු සමත් වූවාය.

 එම තරගාවලියේදී ‘නදර්න් ඩිස්ට්‍රික්ට්’ කණ්ඩායම නියෝජනය කරන චමරි පන්දු යැවීමෙන් ලකුණු 19 කට කඩුලු හතරක් සහ පිතිහරඹයෙන් ලකුණු 19ක් ද, පන්දු රැකීමේදී උඩ පන්දු දෙකක්ද රැක ගෙන තිබුණි.

 චමරිගේ දස්කම් මත ප්‍රතිවාදින් ක්‍රීඩිකාවන් ලකුණු 110 කට දවා ගැනීමට නදර්න් ක්‍රීඩීකාවන්ට හැකියාව ලැබී තිබුණි.

 එම ඉලක්කය ඔවුහු කඩුලු 5 ක් ඉතිරිව තිබියදී ජය ගැනීමට සමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment