උ.කොරියාවෙන් දකුණට මිසයිල ප්‍රහාරයක්

302

දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමුළුවක් ආරම්භ කිරීමට එහි ගොස් සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් එම සමුළුව ආරම්භ කිරීමට සැරසෙන මොහොතේදී උතුරු කොරියාව විසින් දකුණු කොරියාවේ නැගෙනහිර මුහුදට කෙටිදුර බැලිස්ටික් මිසයිල යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. සි ඔෆ් ජෑපෑන් යනුවෙන් හැඳින්වෙන මුහුදු සීමාවට මෙම මිසයිල යොමු කර ඇති බව ඇමරිකානු ඒකාබද්ධ කාර්ය මණ්ඩල ප්‍රධානියා පවසා තිබේ.

කෙසේ වුවද එම මිසයිල ප්‍රහාරයෙන් කිසිදු හානියක් නොමැති අතර එම මිසයිල මුහුදට වැටී ඇති බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment