කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් 45ක්

191

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඊයේ (21 වැනිදා) භාරදෙනු ලැබීය.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරු එය භාර දුන්හ. විශ්වාසභංගයට මන්ත්‍රීවරුන් 45 දෙනකු අත්සන් කර ඇත.

මේ අනුව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට අනුව මෙම විශ්වාසභංගයට කථානායකවරයා විසින් ප්‍රමුඛත්වය දිය යුතුව තිබේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment