සිරි දේවමිත්ත ධර්මපාල භෂ්මාවශේෂ තැන්පත් කළ ඉදි වූ පිළිරුව නිරාවරණය කෙරෙයි

104

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සිරි දේවමිත්ත ධර්මපාල ස්වාමීන් වහන්සේ නමින් පැවිදි දිවියට පත් වීමෙන් පසු අපවත්වීමෙන් ඉක්බිතිව උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ලොව පළමුවරට ඉදිවූ ප්‍රතිමාව මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේදී නිරාවරණය කෙරිණි. අග්‍රශ්‍රාවක විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන්ගේ 74 වැනි ජන්ම දිනයට සමගාමීව එම උතුම් කාර්ය සිදුවිය. අග්‍රශ්‍රාවක තේවාව භාර අම්බුළුගල සුමංගල හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇමැති විජයදාස රාජපක්‍ෂ ඇතුළු පිරිසක් ඊට එක්වූහ. නාවලපිටියේ ජගත් කුමාර, ශාරධා බුද්ධිනි බස්නායක, කෝකිල සමාධි සඳරුවන් මහගමගේ, ජනනි සංකල්පනා මහගමගේ සහ පවුලේ සැමගේ ධන පරිත්‍යාගයෙන් එය ඉදිවී තිබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment