ඩොලර් මිලියන 203 ක මූල්‍ය ආධාරයක් ගන්න සැලසුම්

130

ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ආසියා හා පැසිපික් කලාපීය ජපාන අරමුදලකින් ඇමරිකානු ඩොලර් මිලියන 203ක මූල්‍ය ආධාරයක් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇත.

ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට සහ දිළිදු හා අවදානමට ලක්වූවන්ගේ ජීවනෝපාය ආරක්‍ෂාකිරීම සඳහා වන ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතියට අව්‍යශ මුදල් සපයා ගැනීම වෙනුවෙන් මේ ආධාර මුදල් ලබා ගැනීමට අපේක්‍ෂා කරයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණයක් සහ ආසියා පැසිපික් කලාපීය ජපාන අරමුදලකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ද ලබාදීමට නියමිතය.

මේ සඳහා වන ගිවිසුමට සහ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදාන ගිවිසුමට 09දා මුදල් අමාත්‍යාංශ ලේකම් හා ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත චෙන් චෙන් යන මහත්වරු අත්සන් කළහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment