දූෂණ විරෝධී පනත රට සහ හෙට

236

මේ කොමිෂන් සභාවට බලපෑම් කරන්න බැහැ. මූල්‍යමය වශයෙන් හා විමර්ශන සිදු කිරීම අතින් කොමිෂන් සභාව ස්වාධීනයි. පෞද්ගලික අංශයේ සිදුවන දූෂණ විමර්ශනය කිරීමේ බලය නව අල්ලස් කොමිෂන් සභාවට පවතිනවා. ලිංගික අල්ලස් ලබා ගැනීමට කටයුතු කිරීම සාපරාධී අපරාධ ක්‍රියාවක් ලෙස මේ පනත තුළින් නම් කර තිබෙනවා. ක්‍රීඩා සංගම් තුළ සිදුවන දූෂණ අල්ලස් දූෂණ විමර්ශන කිරීමේ හැකියාව නව අල්ලස් කොමිෂන් සභාව සතුයි. වත්කම් හා බැරකම් ඉදිරිපත් කළත් ඒ පිළිබඳව අධීක්ෂණය කර කටයුතු කිරීමේ හැකියාවක් පැවතියේ නැහැ. වත්කම් හා බැරකම් පිළිබඳව අධීක්ෂණය කිරීමේ බලය නව පනත මගින් ලබා දී තිබෙනවා. වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, පළාත් මහ ඇමැතිවරුන්, පළාත් ඇමැතිවරුන්, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් මීට පෙර ඒ සඳහා ඇතුළත්ව තිබුණේ නැහැ. නව වත්කම් බැරකම් පනත යටතේ ඒ සියලු දෙනා වත්කම් හා බැරකම් ලබා දිය යුතුයි.

අපේ රටේ සිදුවන අල්ලස් හා දූෂණ සඳහා දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ බවට ජනතාව අතර මතයක් තිබෙනවා. එහෙත් එම මතය නිවැරදි කරන්න කිසිම අයෙක් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. දූෂණ විරෝධී නව පනත සම්මත වීමත් සමග ඉදිරියේදී පත් කරනු ලබන නව අල්ලස් කොමිෂන් සභාවට අල්ලස හා දූෂණ තුරන් කිරීමට අවශ්‍ය පූර්ණ බලය පවතිනවා. මීට වසර කිහිපයකට පෙර මේ කලාපයේ අල්ලස හා දූෂණය වැඩිම රටවල් ලෙස හොංකොං දේශය සහ සිංගප්පූරුව සලකනු ලැබුවා. එහෙත් එම රටවල් දෙකම නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නව නීති සකස් කළා. අල්ලස හා දූෂණය අවම කරන්න නව නීති සකස් කළ පමණින් ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නීති නිසි පරිදි ක්‍රියාත්මක කරන්න දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් අවශ්‍ය සහාය ලබා දිය යුතුයි. දුෂණ විරෝධී පනත පිළිබඳව වැරදි මතයන් සමාජගත වුණා. ඒ සියලු වැරදි මත නිවැරදි කරමින් මේ නව පනත සම්මත කිරීමට අපේ රටේ මාධ්‍ය ආයතන විශාල සහයෝගයක් ලබා දුන්නා. පාර්ලිමේන්තුවේ සම්මත කළ මේ ඵෙතිහාසික පනත සම්මත කර ගැනීමට සහාය දුන් මාධ්‍ය ආයතන ඇතුළු සියලු දෙනාට ස්තූතිය පුද කරනවා. අපි මේ පනත සකස් කරනු ලැබුවේ කිසිම අයෙකුගේ බලපෑමක් නිසා නොවෙයි. පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ අදහස් අපි ලබා ගත්තා. දැනට පවතින අල්ලස් පනත, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත සහ වත්කම් බැරකම් පනත ඉවත් කරමින් තනි පනතක් වශයෙන් මේ දූෂණ විරෝධී පනත සකස් කළා. කිසිම අයෙකුට මේ කොමිෂන් සභාවට බලපෑම් කරන්න බැහැ. මූල්‍යමය වශයෙන් හා විමර්ශන සිදු කිරීම අතින් කොමිෂන් සභාව ස්වාධීනයි. පෞද්ගලික අංශයේ සිදුවන දූෂණ විමර්ශනය කිරීමේ බලය නව අල්ලස් කොමිෂන් සභාවට පවතිනවා. ලිංගික අල්ලස් ලබා ගැනීමට කටයුතු කිරීම සාපරාධී අපරාධ ක්‍රියාවක් ලෙස මේ පනත තුළින් නම් කර තිබෙනවා. ක්‍රීඩා සංගම් තුළ සිදුවන දූෂණ අල්ලස් දූෂණ විමර්ශන කිරීමේ හැකියාව නව අල්ලස් කොමිෂන් සභාව සතුයි. වත්කම් හා බැරකම් ඉදිරිපත් කළත් ඒ පිළිබඳව අධීක්ෂණය කර කටයුතු කිරීමේ හැකියාවක් පැවතියේ නැහැ. වත්කම් හා බැරකම් පිළිබඳව අධීක්ෂණය කිරීමේ බලය නව පනත මගින් ලබා දී තිබෙනවා. වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, පළාත් මහ ඇමැතිවරුන්, පළාත් ඇමැතිවරුන්, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් මීට පෙර ඒ සඳහා ඇතුළත්ව තිබුණේ නැහැ. නව වත්කම් බැරකම් පනත යටතේ ඒ සියලු දෙනා වත්කම් හා බැරකම් ලබා දිය යුතුයි.

නව අල්ලස් කොමිෂන් සභාව සඳහා පත් කරනු ලබන කොමසාරිස්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය යටතේ පත් කළ යුතුයි. පැවති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කරන ලද පැමිණිලි විමර්ශනය කිරීම සඳහා විශේෂඥ දැනුම සහිත විශේෂඥයන් නොමැති වූ හෙයින් ක්ෂේත්‍රයේ ප්‍රවීණ විශේෂඥයන් බඳවා ගැනීමේ බලය දූෂණ විරෝධී පනත සම්මත වීමත් සමග ස්ථාපිත කරනු ලබන අල්ලස් කොමිෂන් සභාවට ලබා දි තිබෙනවා. අවශ්‍ය අවස්ථාවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමේ හැකියාව ද කොමිෂමට පවතිනවා. මීට පෙර පැවති අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සිදු කරනු ලබන කටයුතු සම්බන්ධව අධීක්ෂණය කිරීමක් සිදු කිරීමේ සිදු වූයේ නැහැ. එහෙත් නව දූෂණ විරෝධී පනත යටතේ ස්ථාපිත කරනු ලබන අල්ලස් කොමිෂම යටතේ පත් කරන කොමසාරිස්වරුන් මාස හතරකට වරක් තම කාර්ය සාධනය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දිය යුතුයි. එම කොමසාරිස්වරුන් නිසි පරිදි තම කටයුතු සිදු නොකරන්නේ නම් ඔවුන් ඉවත් කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවට පවතී.

දූෂණ විරෝධී පනත රට සහ හෙට

(අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සම්මත කළ

දූෂණ විරෝධී පනත ගැන දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී

ඇමැතිවරයා කළ අදහස් දැක්වීම් අළලා සැකසිණි.)

advertistmentadvertistment
advertistmentadvertistment