14න් පහළ හොකී තරගාවලියට අයැදුම්පත් කැඳවයි

38

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය සංවිධානය කර ඇති සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 14 න් පහළ බාලක සහ බාලිකා හොකී සැණකෙළිය දෙසැම්බර් 18, 19, 20 සහ 21 පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

2010.01.01 දින හෝ ඊට පසුව උපත ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පමණක් මෙවර තරගාවලිය සඳහා සහභාගි විය හැකි බව ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය නිවේදනය කර සිටී.

මෙවර තරගාවලියේ බාලක තරග කාණ්ඩ 08 ක් යටතේද බාලිකා තරග කාණ්ඩ 06 ක් යටතේද පෙළ ගස්වා තිබේ.

මෙවර තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම දෙසැම්බර් 13 දිනෙන් අවසන් කෙරේ. මෙතෙක් අයැදුම්පත්‍ර යොමු නොකළ පාසල් වෙත්නම් එම අයදුම්පත් ගරු ලේකම්, ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය, විජය විද්‍යාලය, මාතලේ යන ලිපිනයට යොමු කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment