එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන රහසක් හෙළිවේ

246


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වෛරී ධනය අරමුදල් පුනර්ජනනීය බලශක්තිය, ටෙලිකොම්, මාර්ග යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් අංශ හරහා ඉන්දියාවේ ඩොලර් බිලියන 10 කට වඩා ආයෝජනය කර ඇතැයි ඉන්දීය නියෝජිත සුන්ජායි සුදීර් මහතා පවසයි.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ඉන්දියාවේ නිශ්චල දේපල සංවර්ධකයින්ගේ සංගමයේ (CREDAI) තුන්දින වාර්ෂික සමුළුවේදී ඔහු මේ බව සඳහන් කළේය. ද්විපාර්ශ්වික ආයෝජනවල වැඩිවීමක් සමඟ ද්විපාර්ශ්වික සබඳතා වේගවත් වී ඇති බවද හෙතෙම පැවසීය.2022 පෙබරවාරි මාසයේ දී විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ද්විපාර්ශ්වික වෙළඳාම අඛණ්ඩව ශක්තිමත් වී ඇතැයිද සඳහන් කළේය.
ඉන්දියාවේ 13,000කට වැඩි පෞද්ගලික දේපළ වෙළඳාම් සංවර්ධකයින්ගේ මහා මණ්ඩලය සමාජික ෂෙයික් මොහොමඩ් බින් නයාන් බින් මුභාරක් අල් නයාන් විසින් ආරම්භ කරන ලද මෙම සම්මන්ත්‍රණයට ඉන්දියාවේ සංවර්ධකයින් 1,300 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment