MC-AIC විශ්වවිද්‍යාලය රාජකීය විද්‍යාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට අත දෙයි

87

IMC-AIC විශ්වවිද්‍යාලය, 2023/2024 වසර සඳහා කොළඹ රාජකීය විද්‍යාලයීය බැඩ්මින්ටන් සංගමය වෙත සිය අනුග්‍රාහකත්වය ලබාදෙන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම අනුග්‍රාහකත්වය නිල වශයෙන් දැනුම් දීමේ උත්සවය පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වුණු අතර, එහි දී රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් ආර්. එම්. එම්. රත්නායක (විදුහල්පති), චවින්ක සුමනතිලක (සභාපති, බැඩ්මින්ටන් උපදේශක සහ කළමනාකරණ කමිටුව), ඒ. එස්. බිමල්ක (ලේකම් – පාසල් සංවර්ධන සමිතිය), කර්නල් (වෛද්‍ය) හිරාන් විමලරත්න (ලේකම් – රාජකීය විද්‍යාල සංගමය) යන මහත්වරු සහ IMC-AIC Campus නියෝජනය කරමින් වෛද්‍ය ධාරංගන් භක්තසීලන් (විධායක අධ්‍යක්ෂ, මූල්‍ය අධ්‍යක්ෂ), ආචාර්ය ගිෂාන් සුමනසිරි (විධායක අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී), ආචාර්ය අමිල බී. කුලතුංග (නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී), ඉන්තිකාබ් සුෆර් (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී) යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ. එම අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

MC-AIC විශ්වවිද්‍යාලය රාජකීය විද්‍යාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට අත දෙයි

advertistmentadvertistment
advertistmentadvertistment