බිය දැනෙන හැටි

538

තමාව කිසිවකු මරන්නට උත්සාහ ගන්නේ යැයි මතුවන අධික සැකය නිසා බියක් ඇතිවේ. එවිට එම පුද්ගලයා තමා අවට සිටින සෑම පුද්ගලයකුම සැක කරයි. තමා පසුපස ඔත්තු බලන්නට කිසිවකුත් එන බව, තමාගේ තොරතුරු සොයන බවට නිතර සැකයකින් පසුවේ.

බිය අප කාටත් කොයි මොහොතක හෝ දැනී ඇත. එසේ ඇතිවූයේ කුමන ආකාරයේ බියක්දැයි කියා අප කිසි මොහොතකවත් නොසිතන්නට ඇත. එනිසා අපට ඇතිවන සහ දැනෙන බිය

ගැන යම් අවබෝධයක් ලබාගැනීමෙන් නැවත එැනි බියක් ඇතිවීම වළක්වා ගත හැකිය.

බිය ඇතිවීම ආකාර දෙකට සිදුවේ. එක් බියක් මතුවන්නේ මිථ්‍යාවක් නිසාය.(Delusions) දෙවැනි බිය ඇතිවන්නේ සිතින් මවාගත් හේතූන් නිසාය. (Hallucinate)

මිථ්‍යාවන් නිසා මතුවන බිය

මෙය මනෝවිද්‍යාවේදී පවසන්නේ අධික සැකය නිසා ඇතිවන බියක් ලෙසය. තමාව කිසිවකු මරන්නට උත්සාහ ගන්නේ යැයි මතුවන අධික සැකය නිසා බියක් ඇතිවේ. එවිට එම පුද්ගලයා තමා අවට සිටින සෑම පුද්ගලයකුම සැක කරයි. තමා පසුපස ඔත්තු බලන්නට කිසිවකුත් එන බව, තමාගේ තොරතුරු සොයන බවට නිතර සැකයකින් පසුවේ.

පෙම්වතුන් පෙම්වතියන් අතර පමණක් නොව විවාහක අඹු සැමියන් අතරද මතුවන සුලභ බියක් වන්නේ තම සහකරුට හෝ සහකාරියට වෙනත් අනියම් ඇසුරක් ඇතැයි කියා මතුවන අධික සැකය නිසා හට ගන්නා බිය ය. එවිට ඔහු හෝ ඇය කතාබහ හැසිරීම, ගමන් බිමන් ඇඳුම් පැළඳුම් ගැන පවා සැකයකින් විමසයි.

අද කොහෙද ගියේ, කාටද කතා කළේ. මොකද ඔච්චර ලස්සනට අද ඇඳගෙන ආදී ලෙසින් තමා තුළ පවතින සැකය නිසා මතුවන, තම සහකරු හෝ සහකාරිය අහිමිවේ යැයි යන බිය මේ සඳහා හේතු වේ.

සිතින් මවාගත් හේතු නිසා මතුවන බිය

මෙහිදී ඇතිවන බියට හේතු වන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට නොදැනෙන දෙයක් එම පුද්ගලයාට දැනෙන බවක් ඇතිවීම ය. එනම් පිටසක්වල ජීවීන් තමා සමග කතාබහ කරන බව පවසයි. තමාට විවිධාකාරයේ ගඳ, සුවඳ දැනෙන බව විවිධ කටහඬ ඇසෙන බව පවසයි.

මෙවැනි පුද්ගලයන්ට නිතරම මතුවන්නේ අන් අයට නොදැනෙන දේවල් හේතුවෙන් හට ගන්නා බියකි.

බිය නැති කිරීම

බිය නැති කිරීමේදී ආකාර දෙකකට ඒ සඳහා ප‍්‍රතිකාර කළ හැකිය. එහිදී මානසික රෝගයක් නිසා හටගෙන ඇති බියක් නම් ඒ සඳහා මානසික ප‍්‍රතිකාර කළ යුතුය.

ඇතැම් පුද්ගලයන්ට ගුප්ත බලපෑම් නිසා බියක් මතුව ඇත්නම් ඒ සඳහා යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කිරීමට සිදුවේ.

එනිසා බියටපත්ව ඇති පුද්ගලයා සමග දිගු වේලාවක් කතාබහ කර එය නිවැරදිව හඳුනා ගත යුතුය.

ඇතැම් පුද්ගලයන්ට බිය මතුව ඇත්තේ තමා දුටු සිද්ධියක් හෝ අත්දැකීමක් නිසා හෝ පුද්ගලයෙක් නිසා විය හැකිය. එවැනි අවස්ථාවකදී එම පුද්ගලයාගේ බියට හේතුව අවබෝධ කර දී සෙත් ශාන්තියක් මගින් සිත තුළ විශ්වාසය ඇතිකර බිය නැති කළ හැකිය.

ඇතැම් පුද්ගලයන්ට ගුප්ත බලපෑම් නිසා බිය මතුවේ. එය එම පුද්ගලයාට සිදුකරන ශාන්තිකර්මයක් මගින් හඳුනාගත හැකිය. එහිදී පුද්ගලයාට එම ශාන්තිකර්මය කිරීමේදී යම් සහනයක් දැනේනම් එය ගුප්ත බලපෑමක් නිසා මතුවූ බියක් ලෙස වටහාගත හැකිය.

මේ අතර ඇ තැම් පුද්ගලයන්ට මානසික රෝග තත්ත්වයක් නිසා සහ ගුප්ත බලපෑම් නිසා යන කරුණු දෙකම බලපෑමෙන් බිය හට ගනී. එය ඉතා දරුණු විය හැකිය. මන්දයත් මානසික රෝගයක් ලෙස හඳුන්වන්නේ අපගාමී පීඩාකාරී පුද්ගලයකුගේ කි‍්‍රයාකාරීත්වයේ ගැටලූ ඇතිකරන තත්ත්වයකි. එය සාමාන්‍ය සමාජයට යම් ගැටලූකාරී තත්ත්වයක් උදාකරයි. එහිදී එම පුද්ගලයාට අමනුෂ්‍ය බලපෑමකුත් ඇති වුවහොත් එය වඩාත් දරුණු වේ. එහිදී මෙම පුද්ගලයා අන් අයට දක්වන ප‍්‍රතිචාරය වෙනස්වේ. කතාබහ විලාශය වෙනස් ස්වරූපයක් ගනී. එනිසා අන් පුද්ගලයනට මෙම තැනැත්තාගෙන් පීඩාවක් සිදුවිය හැකිය. ඇතැම් අය මෙවැනි පුද්ගලයන්ට උමතු අය ලෙස පවසයි. එනිසා මෙවැනි පුද්ගලයන්ට මනෝවිද්‍යා ප‍්‍රතිකාර මෙන්ම සෙත් ශාන්තිකර්ම මගින් ද ප‍්‍රතිකාර ලබාදීමට සිදුවේ.

බිය දැනෙන හැටි


 

advertistmentadvertistment
advertistmentadvertistment