කංසා සහ මත්පැන් වෙනුවෙන් රාජ්‍ය ඇමැති ඩයනා පෙනී සිටී

239


කංසා වගා කිරීමටත් මත්පැන් අලෙවි සැල් පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කිරීමටත් අවසර ලබා දිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.තමා මෙසේ ඉල්ලා සිටින්නේ රජයට බදු ආදායම වැඩි කරගැනීමට බැවින් මේ ගැන වැරදි මත සමාජයට මුදාහැරීමෙන් වලකින ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළාය.කංසා යනු වසර පන්දහසකට වඩා ඉතිහාසයක් ඇති ඖෂධයක් බවත් රාත්‍රී 9.00න් පසු මත්පැන් අලෙවි සැල් හොර රහසේ මත්පැන් වැඩි මිලට අලෙවි කරන බවත් රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment