රන්දෙණිගල, රන්ටැඹේ  ජලය මුදාහැරීමෙන්  ලංවිමට මිලියන  320ක පාඩුවක් – වාර්තාව දුන්නත්  ඇමැති නිහඬයි – මහජන උපයෝගිතා කොමිසම

281

වැඩවර්ජනයක් අතරතුර රන්දෙණිගල හා රන්ටැඹේ ජලය වගාබිම්වලට මුදාහැර පුද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමේ සිද්ධියක් නිසා ලංවිමට සිදුවූ රුපියල් මිලියන 320 ක අලාභයට වගකිවයුතු නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස මහජන උපයෝගිතා කොමිසම ඇමැති කංචන විජේසේකර මහතාට දැනුම් දී තිබුණත් මේ වනතෙක් ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි මහජන උපයෝගිතා කොමිසම චෝදනා කරයි.

විදුලිය උත්පාදනය කිරීමට තිබූ ජලය මෙලෙස මුදාහැර තිබුණේ ඉකුත් ජුනි 08 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 09 වැනිදා සවස 2.00 දක්වා කාලය තුළය. ලංවිම සභාපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව විශේෂ කණ්ඩායමක් එහි ගොස් පරීක්‍ෂණ පවත්වා ඇත.

අදාළ වාර්තාව විෂයභාර ඇමැතිවරයාට ලබා දී තිබුණත් ජලාශ භාර ලංවිම නිලධාරීන්ට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැතැයි මහජන උපයෝගිතා කොමිසම චෝදනා කරයි.

ඇමැතිවරයා ද ඊයේ මහජන උපයෝගිතා කොමිසමට දෝස්මුරයක් එල්ල කළේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment