දරුවන් අතර ශ්වසන හා චර්ම රෝග පැතිරීමේ ඉඩක්

30

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දරුවන් අතර ශ්වසන රෝග සහ චර්ම රෝග ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

දරුවන්ට නිසි පරිදි ජලය හා දියර වර්ග පානයට ලබා නොදෙන්නේ නම් තාප කම්පන තත්ත්වයට ලක්වී අනතුරට ලක්විය හැකි බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අනතුරු අඟවයි.

හතිය වැනි රෝග ලක්‍ෂණ ඇති දරුවන්ට වුවද මේ දිනවල නෑමට අවස්ථාව ලබාදිය යුතු බවත් අනෙක් දරුවන්ට දිනකට දෙවරක් හෝ නෑමට සුදුසු බවත් හෙතෙම පවසයි.

චර්ම රෝග පවතින්නේ නම් උදෑසනට හෝ රාත්‍රියට විනාඩි 20 ක් පමණ ජලයේ සිටීමෙන් එය පාලනය කර ගතහැකි බව පවසන විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දරුවන් දහවල් කාලයේ ක්‍රීඩා කරන්නේ නම් ගෘහස්ථ ස්ථානයක් ඒ සඳහා ලබාදීම සුදුසු බවද නිසි පරිදි ජලය හා දියර වර්ග පානය කිරීමට ලබාදිය යුතු බවද කියා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment