විශේෂඥ වෛද්‍ය චමල්ගේ වැඩ තහනම ගැන සෞඛ්‍ය වෘත්තීය සමිති විමර්ශනයක් ඉල්ලයි

90

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බලපෑම මත විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව සහ තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා ජනමාධ්‍ය ඔස්සේ සිදුකළ හෙළිදරව්ව මත 2022 වර්ෂයේදී වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය ලබාදී තිබූ අතර එවකට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ එවකට සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත යන මහත්වරුන් විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත නොමඟ යවන සුළු නිර්දේශ ලබාදී ඇති බවද සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරති.

එබැවින් විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතාගේ වැඩ තහනමට දායක වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ බලපෑම මත එම නිර්දේශ ලබාදී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතින බැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment