පෑලියගොඩ එළවළු මිලේ විශාල අඩුවක්

121

බෝංචි 150යි, කැරට් 150යි, තක්කාලි 50යි, මෑකරල් 60යි

පෑලියගොඩ එළවළු මිලෙහි විශාල අඩුවීමක් ඊයේ (19 වැනිදා) දිනයේ දක්නට ලැබුණු බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්.ටී.එන්. සමරතුංග මහතා ‘දිවයින’ට පැවැසීය.

අවුරුදු සමය හේතුවෙන් ඊයේ දිනයේ එළවළු මිලදී ගැනීමට පැමිණි ජනතාවගේ විශාල අඩුවක් දක්නට ලැබුණු බවද හෙතෙම කීය.

ඊයේ දිනයේ බෝංචි තොග කිලෝවක් රුපියල් 150කට ද, කැරට් කිලෝවක් රුපියල් 150කට ද ලීක්ස් කිලෝවක් රුපියල් 80කට ද, තක්කාලි කිලෝවක් රුපියල් 50කට ද, මෑකරල් කිලෝවක් රුපියල් 60කට ද, වම්බටු කිලෝවක් රුපියල් 100කට ද, පතෝල කිලෝවක් රුපියල් 100කට ද, අමුමිරිස් කිලෝවක් රුපියල් 100කට ද, කරවිල කිලෝවක් රුපියල් 120කට ද, වට්ටක්කා කිලෝවක් රුපියල් 130කට ද, කැකිරි කිලෝවක් රුපියල් 50කට ද, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 100කට ද, රඑාබු කිලේා්වක් රුපියල් 100කට ද, නෝකෝල් කිලෝවක් රුපියල් 50කට ද අලෙවි වූ බවද ඒ මහතා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

මාළු මිල ඉහළට

පෑලියගොඩ එළවළු මිලේ විශාල අඩුවක්

සාලයා රු. 350යි – ලින්නා 800යි – කෙලවල්ලා 950යි

තලපත් 1400යි – තෝරා 2500යි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිලෙහි වැඩිවීමක් ඊයේ (19 වැනිදා) දිනයේ දක්නට ලැබුණු බව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ‘දිවයින’ට පැවැසීය.

මත්ස්‍ය තොග ලැබෙන ප්‍රමාණයේ අඩුවක් දක්නට ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව ඊයේ දිනයේ තලපත් තොග කිලෝවක් රුපියල් 1400කටද, තෝරා කිලෝවක් රුපියල් 2500කටද, ඉස්සෝ කිලෝවක් රුපියල් 2500කටද, දැල්ලෝ කිලෝවක් රුපියල් 1200කටද, බලයා කිලෝවක් රුපියල් 550කටද, සාලයා කිලෝවක් රුපියල් 350කටද, කෙළවල්ලා කිලෝවක් රුපියල් 950කටද, ලින්නා කිලෝවක් රුපියල් 800කටද, කුම්බලාවා කිලෝවක් රුපියල් 1000කටද, කොප්පරා කිලෝවක් රුපියල් 1200කටද අලෙවි වූ බවද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

පලතුරු මිල පහළට

පෑලියගොඩ එළවළු මිලේ විශාල අඩුවක්

පැමිණෙන ජනතාවගේ විශාල අඩුවක්

සීනි කෙසෙල් 150යි ඇඹුල් රු. 200යි

ආනමාලු 220යි කෝලිකුට්ටු 450යි

පෑලියගොඩ පලතුරු මිලෙහි අඩුවක් දක්නට ලැබුණත් ඒවා මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගේ විශාල අඩුවක් ඊයේ (19 වැනිදා) දක්නට ලැබුණු බව පෑලියගොඩ මැනිං එක්සත් ප්‍රගතිශීලි සංගමයේ සභාපති ප්‍රියන්ත විජේසුන්දර මහතා ‘දිවයින’ට පැවැසීය.

ඊයේ දින සීනි කෙසෙල් තොග කිලෝවක් රුපියල් 150කටද, ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 200කටද, ආනමාළු කිලෝවක් රුපියල් 220කටද, කෝලිකුට්ටු කිලෝවක් රුපියල් 450කටද, කර්තකොලොම්බන් අඹ කිලෝවක් රුපියල් 600කටද, කොමඩු කිලෝවක් රුපියල් 1000කටද අලෙවි වූ බවද හේ කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment