මහජන බැංකුව, කොවිඩ් – 19 වසංගතය හමුවේ විශිෂ්ඨතම ලෙස ක‍්‍රියාත්මක වූ බැංකුව ලෙස ADB TSCFP 2021 හිදී සම්මානයට පාත‍්‍රවේ

395

ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපාර සහ සැපයුම් මූල්‍ය වැඩසටහන 2021 සම්මාන උළෙලේදී  (Trade and Supply Finance Program Awards 2021) මහජන බැංකුව, කොවිඞ් 19 වසංගතය හමුවේ ඉහළින්ම කි‍්‍රයාත්මක වූ බැංකුව ලෙස (Most Responsive Bank against Covid-19) ලෙස සම්මානයට පාත‍්‍රා වෙයි.

 මෙම සම්මාන උළෙලේදී ආසියා සංවර්ධන බැංකුවේ ප‍්‍රධානතම හවුල්කාර බැංකු ඇගයීමට ලක් කෙරෙන අතර, ආසියාවේ ප‍්‍රමුඛතම බැංකු සිය ගණනක් අතරින් ඉහත සඳහන් කළ කාණ්ඩයට අදාළ ජයග‍්‍රාහකයා තෝරාගැනේ. අදාළ ගනුදෙනුව ම`ගින් රටට සිදු වූ ඵලදායී බලපෑම කවරේද, එමගින් ගනුදෙනුකරුට සිය ව්‍යාපාරය සංවර්ධනය කරගැනීමට ලැබුණු අත්වැල කෙසේද සහ ගනුදෙනුව සාර්ථක වීම සඳහා ව්‍යාපාර සහ සැපයුම් මූල්‍ය වැඩසටහන ම`ගින් කෙබ`දු දායකත්වයක් ලැබුණේද යනාදී කරුණු සලකා බලා සිදුකරන ස්වාධීන ඇගයීමකින් මෙම සම්මානය පිරිනැමීම විශේෂත්වයකි.

 ව්‍යාපාර සහ සැපයුම් මූල්‍ය වැඩසටහන ම`ගින් බැංකුවලට ජාත්‍යන්තර වෙළඳ කටයුතු සඳහා වගකීමේ සහතික සහ ණය සපයනු ලැබේ. ආසියානු සංවර්ධන බැංකුවේ AAA ණය ශ්‍රේණිගත කිරීම සහිත මෙම වැඩසටහන, ආනයන අපනයන ක‍්‍රියාකාරකම් සඳහා සමාගම්වලට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබාදීම සඳහා ආසියාවේ හවුල්කාර බැංකු 200කට වැඩි ප‍්‍රමාණයක් සම`ග කටයුතු කරයි. 2009 වසරේ සිට ආසියානු සංවර්ධන බැංකුවේ වෙළඳ මූල්‍ය වැඩසටහන (TFP) ම`ගින් සංවර්ධනය වෙමින් පවතින ආසියාවේ වෙළඳ සැපයුම් සහ ප‍්‍රාග්ධන භාණ්ඩවල සිට වෛද්‍ය සැපයුම් සහ පාරිභෝගික භාණ්ඩ දක්වා වූ ක්ෂේත‍්‍ර ඇතුළත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 12ල000 කට වැඩි සංඛ්‍යාවකට සහාය දක්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment