කෝටි 10 වන්දියට තව මාස 3 යි: – ඇති හැකි අයගෙන් මෛත්‍රී ආධාර ඉල්ලයි

174

පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුවකින් තමාට නියම වූ කෝටි දහයකට ආසන්න වන්දිය ගෙවීමට ඇත්තේ තව මාස තුනක් පමණක් බවත්, එම මුදල සොයා ගැනීම සඳහා හැකි අය දායක වන ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලයි.

ගාල්ල බද්දේගම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රැස්වීමකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

නඩු තීන්දුවට අනුව එම වන්දි මුදල ගෙවීමට මාස හයක කාලයක් ලබා දී තිබූ බවත් මේ වන විට ඉන් මාස තුනක් පමණ ගෙවී ගොස් ඇති බවත් පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල එම මුදල් රැස් කරමින් සිටින බව ද කීවේය.

එම මුදල ගෙවීමට නොහැකි වුවහොත් තමාව හිරේ දැමීම හෝ අධිකරණයෙන් කුමන තීන්දුවක් නියම වේදැයි නොදන්නා බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා එම මුදල සොයා ගැනීමට දායක වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment