විදේශගත ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

339

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙම මස 15 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.ඒ අනුව නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව පොදු සමා කාලය තුළ දී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා හැකියාව පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි. එම පොදු සමා කාලය තුළ දී මේ වසරේ ඔක්තෝබර් 25 වන දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පමණක් වලංගු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment